රන් මාලය කඩා ගන්න වැසිකිළියටම ඇවිත්

කාන්තාවක් වැසිකිළියක සිටියදී එහි දොර කඩා ඇතුළුවී ඇගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑ පුද්ගලයෙක් මඩකලපුව පොලිසිය විසින් පසුගිය 26 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබීය.
මඩකලපුව ඉරුදියපුරම් හී පදිංචිකාරියකගේ ගෙල බැඳි රන් මාලයක් මෙසේ කොල්ලකා තිබෙන බව පොලිසිය කියයි. සිය නිවෙස පිටුපස ඇති වැසිකිළියට ඇය ගොස් සිටියදී රන් මාලය කඩාගෙන ඇත්තේ පසුගිය 25 වෙනිදාය.
වැසිකිළියේ දොර කඩා එසේ ඇගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. එම සැකකරු 24 හැවිරිදි වියේ පසුවන බවත් ඔහු මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින බවත් පොලිසිය කියයි.
286 Views
Comments