ගින්නකට හසුවූ කාන්තාවක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

ගින්නකට හසුවූ කාන්තාවක් මරුට

ගින්නකට හසුවූ කාන්තාවක් මරුට

පොල්පිතිගම නාගොල්ලගම ප්‍රදේශයේ දී 70 හැවිරිදි කාන්තාවක් පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

එම කාන්තාව තම නිවස අතුගා කුණු රොඩු ගිනි තබා ඇති අතර එම අවස්ථාවේ ඇතිවූ සුළං තත්ත්වයක් හේතුවෙන් අවට තිබූ මානා ගස්වලට ගිනි ඇවිලි තිබේ.

 

අනතුරුව එම කාන්තාව ගින්න නිවා දැමීමට උත්සාහ කිරීමේදී ඇඳුමටද ගිනි ඇවිලීමෙන් ඇය මරණයට පත්ව ඇති බවට පොලීසිය සැක පළ කරයි. 

 

මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරිමට නියමිත අතර සිද්ධිය පිළිබඳව පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

335 Views

Comments

arrow-up