කුවේට්වලින් ලාංකිකයින් පිරිසක් පිටුවහල් කරයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

කුවේට්වලින් ලාංකිකයින් පිරිසක් පිටුවහල් කරයි.

කුවේට්වලින් ලාංකිකයින් පිරිසක් පිටුවහල් කරයි.

නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබේ.



එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පිටුවහල් කරන ලද පිරිස රැගෙනවිත් තිබේ. ඉන් 59 දෙනෙකු ගෘහ සේවිකාවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයින්.



මෙම පිරිස ගෘහ සේවය සඳහා ගිවිසුම්ගත නිවෙස්වලින් පළා ගොස්, තාවකාලික නේවාසිකාගාරවල රැඳීසිටිමින් වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස විවිධ රැකියා සිදුකර ඇති බව කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
 

views

305 Views

Comments

arrow-up