මනූෂ ඊශ්‍රායලයට යන සාත්තු සේවා ශ්‍රමිකයින්ට ටිකට් බෙදයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

මනූෂ ඊශ්‍රායලයට යන සාත්තු සේවා ශ්‍රමිකයින්ට ටිකට් බෙදයි.

මනූෂ ඊශ්‍රායලයට යන සාත්තු සේවා ශ්‍රමිකයින්ට ටිකට් බෙදයි.

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.07.25 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.



මෙම පිරිසට කාන්තාවන් 18 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් තිදෙනෙකු අයත්වන අතර එම පිරිස 2023.07.27 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 441 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව තිබේ.



ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් හිමිවූ තවත් ලාංකිකයින් 16 දෙනෙකු අගෝස්තු මස 2 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිතව ඇත.

views

264 Views

Comments

arrow-up