විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා වෙනුවෙන් සමාජ ක්‍රියාකාරීන් පෙරට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා වෙනුවෙන් සමාජ ක්‍රියාකාරීන් පෙරට

විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා වෙනුවෙන් සමාජ ක්‍රියාකාරීන් පෙරට

බැංකු පොළී අනුපාතය වැඩි කිරීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති විසින් පැවැත්වූ විරෝධතාවය අතරතුර දී පොලිසිය විසින් මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය.



මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලිසිය විසින් පහර දී, හිසකෙස්වලින් ඇද බාරයට ගත් ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝ දර්ශන වල දකින්න ලැබේ.



මෙම සිදුවීම හෙලා දකිමින් සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ක්‍රියාකාරීන් මුහුණුපොතේ අදහස් පළ කර තිබුණි.



................................

තරිඳු අත්අඩංගුවට ගැනීම අවසන් සිදුවීම යයි අප නිහඬ වන්නේනම් අපේ මුග්ධ බවට නිසි ප්‍රතිචාර ඉක්මනින් ලැබෙනු ඇත.
තරිඳු වෙනුවෙන් පෙනී සිටිමු.



චූලානන්ද සමරනායක
.................................

දැන් තරිඳු ඇතුළේ. ඒ කියන්නෙ ඊළඟට මා, ඔබ ඔක්කොම ඇතුළේ. ඇහැ ඇරවා ගන්න තමන්ගේ ම හෘද සාක්ෂ්‍යය. මේ මර්දනයට තිත තියමු. තරිඳුගේ ඇත්ත රූපය සහ සුජිත් රත්නායක සහෝදරයා මැවූ පරිකල්පන රූපය අතර පරතරය නැති වෙන්නයි යන්නෙ.



ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි
...............................

පොලිස් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර වහා නිදහස් කරනු !!



එරංග ගුණසේකර
................................

මිනිසුනි, ආණ්ඩුවේ උම්මත්තක හැසිරීමට එරෙහි වෙමු!


පාලකයිනි; අසාධාරණ ලෙස අත්තඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර වහා නිදහස් කරනු.!!



අවිශ්ක බී. එල්.ටී.
..............................

මේ මොකුන්ද......... පොලීසියේ මැරයෝද



තරිඳු උඩුවරගෙදර ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමු



අයේෂ් ෂශිමල්
................................

තරිඳු වෙනුවෙන් කට අරිමු ..!


තරිඳු මම ළඟින් ඇසුරු කරලා නෑ ..


නමුත් හෙට මට වෙන දේ අද මම තරිඳු ට උන දෙයින් දකිනවා ..!


තරිඳු මම නෙමෙයි,!


ඒත් හෙට මම තරිඳු වෙනවා, .. !


ඉතින් හෙට මම වෙනුවෙන් අද මම තරිඳු වෙනුවෙන් පෙනී සිටිනවා,... !


අද තරිඳු ට හෙට මට අනිද්දා උබට ...!



සුනිල් හඳුන්නෙත්ති
 

views

267 Views

Comments

arrow-up