පසුගියදා සුරූපි තරුණියක් පොලිසියට වෙට්ටු දැමූ ඩිෆෙන්ඩරය හොරට ලියාපදිංචි කල එකක්

සුරූපී තරුණියක් පදවමින් සිටියදී පොලිස් භාරයට ගත් ඩිපෙන්ඩර් රථය නීති විරෝධී ලෙස එකලස් කර ලියාපදිංචි කළ එකක් බවට පරීක්ෂණවලදී තහවුරු වූ බව මරදාන පොලිසිය පවසයි.
මීට මාසයකට පමණ ඉහතදී ඩිපෙන්ඩර් රථයක් පැදවූ සුරූපී තරුණියක් ඇතුළු තරුණියන් තිදෙනෙක් මරදාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඩිපෙන්ඩර් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි චැසි සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට වාර්තාවලින් සනාථ වූ බව පොලිසිය පවසයි.
මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී ඉකුත් මස 9 වැනිදා සවස අපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ ඉදිරියට ධාවනය වෙමින් තිබූ ඩිපෙන්ඩර් රථයක් නැවතීමට මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සංඥා කර තිබූ අතර, ඊට අවනත නොවී මඟ හැර යාමට එය පැද වූ තරුණිය කටයුතු කර තිබූ බව පොලිසිය පවසයි.
වහා ක්‍රියාත්මක වූ රථවාහන අංශයේ නිලධාරීන් රථයේ ලියාපදිංචි අංකය සමඟ මෙහෙයුම් මැදිරිය දැනුම්වත් කිරීමට පියවර ගත් අතර, මරදාන ටෙක්නිකල් හන්දියේ දී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ඩිපෙන්ඩර් රථය නැවතීමට සංඥා කර තිබූ බව එම නිලධාරියා පවසා සිටියේය.
ඊට ද අවනත නොවී ඉදිරියට ධාවනය වූ ඩිපෙන්ඩර් රථය කැලෑ පොළ හන්දිය ආසන්නයේ සිටි රථවාහන අංශයේ නිලධාරීන්ද නැවතීමට සංඥා කිරීමෙහිදී ඊට අවනත නොවී එහි රියැදුරු ලෙස කටයුතු කළ තරුණිය රථය ඉදිරියට ධාවනය කිරිමේදී ඒ පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ට්‍රිපොලි ක්‍රීඩාංගණය අසලදී ඩිපෙන්ඩර් රථය නවතා ගැනීමට සමත් වී ඇත.
එහිදී රියැදුරු ලෙස කටයුතු කළ තරුණිය සහ අනිත් තරුණියන් එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සමඟ බහින් බස් වීමක් සිදු වී ඇති අතර පසුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තරුණියන් කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ බවත් නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි වයස් සීමාවල තැනැත්තියන් බව පොලිසිය පැවසීය.
433 Views
Comments