ප්‍රසිද්ධ නිලි දියණියගේ හා පෙම්වතාගේ නිරුවත් දර්ශන අන්තර්ජාලයට දැමූ පුද්ගලයන් සොයා පරීක්ෂණ

නිළියගේ දියණිය සිය පෙමිවතා සමඟ සිටින අවස්ථාවක් සිය දුරකතනයේ සටහන් වී තිබුණු අතර, එකී දර්ශන යෙහෙළියක විසින් සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන්නට ඇතැයි පැමිණිලිකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය වෙත පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවටත්, මේ දර්ශනය ජාලගතව ප්‍රචාරය වීම සිදු ව ඇති බැවින් මෙහි විමර්ශන සංකීර්ණ බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
299 Views
Comments