නැව් කර්මාන්තයේ අනාගතය ගැන සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

නැව් කර්මාන්තයේ අනාගතය ගැන සාකච්ඡාවක්

නැව් කර්මාන්තයේ අනාගතය ගැන සාකච්ඡාවක්

නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විදේශ රැකියා අවස්ථාවන් විශාල වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වීමත් සමග ලංකාවේ නැව් ඉදිකිරීම් කර්මාන්තය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් හා වැඩි වශයෙන් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයට පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සම්බන්ධයෙන් කලම්බු ඩොක් යාඩ් සමාගමේ නියෝජිතයින් සමග විදේශ රැකියා අමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්වීය.


දේශීය නැව් ඉදිකිරීම් කර්මාන්තය ආරක්ෂා කරගනිමින්, ඒ හරහා පුහුණු ශ්‍රමිකයින් බිහිකර විදේශ රැකියා අවස්ථාවන්ට යොමු කිරීමට ඇති හැකියාව ගැන මෙහිදී අමාත්‍යවරයා අවධානය යොමු කරනු ලැබීය.


පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් බිහි කිරීම සදහා කලම්බු ඩොක් යාර්ඩ් සමාගමට අනුබද්ධිත පුහුණු මධ්‍යස්ථාය පුළුල් කිරීමේ වැදගත්කමත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

views

294 Views

Comments

arrow-up