කථානායකවරයාගෙන් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

කථානායකවරයාගෙන් විශේෂ නිවේදනයක්

කථානායකවරයාගෙන් විශේෂ නිවේදනයක්

කථානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම්දෙන්නේ පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදුකරන තර්ජන, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින ලෙසයි.

 

 

මෙම විශේෂ දැනුම්දීම කථානායකවරයාගේ නිවේදනයක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ (24) පාර්ලිමේන්තුවේදී සිදුකළේය.

 

 

කථානායකවරයා එම නිවේදනයෙන් අවධාරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යාමේදී සහ ඇතැම් අවස්ථාවලදී සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් පාර්ලිමෙන්තුවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බවයි.

 

 

ඔහුගේ නිවේදනයේ දැක්වෙන්නේ විශේෂයෙන් සභාවේ වැඩකටයුතු පවත්වා‍ගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව එම කටයුතු ස්වාධීන හා අපක්ෂපාතී ආකාරයෙන් මෙහෙයවීමට කථානායකතුමාට /මූලාසනයට උපදෙස් ලබාදීමේ සහ සහායවීමේ නිලධාරීන් වශයෙන් ව්‍යවස්ථානුකූලව සිය වගකීම ඉටුකිරීමට බලපෑමක් මෙවැනි කටයුතු හරහා විය හැකි බවයි.

 

 

 

නිලධාරීන් පිළිබඳ එවැනි චෝදනා ඇත්නම් ඒවා කථානායකවරයා වෙත යොමු කරන ලෙස ද සඳහන් කර තිබෙන බව වාර්තා වෙයි.

 

 

views

223 Views

Comments

arrow-up