හිටපු තාක්ෂණික නිලධාරියෙකුට අල්ලස් චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

හිටපු තාක්ෂණික නිලධාරියෙකුට අල්ලස් චෝදනා

හිටපු තාක්ෂණික නිලධාරියෙකුට අල්ලස් චෝදනා

රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වැරදිකරු වූ හිටපු තාක්ෂණික නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කර ඇති බව සඳහන් වේ.

 

 

එම සිර දඬුවම වසර 5 කින් ගෙවී යායුතු බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කර තිබෙන බව සඳහන් වේ.

 

 

බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල කාර්යාලයේ සේවය කළ හිටපු තාක්ෂණ නිලධාරියෙකුට පාරිසරික වාර්තාවක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ලවූ අතර ඔහුට මෙලෙස දඩුවම් නියම කර තිබුණි.

 

 

මහාධිකරණ විනිසුරුවරයා සිරදඩුවමට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 5,000 බැගින් දඩ නියම කළ අතර අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 25,000ක මුදල දණ්ඩනයක් වශයෙන් අය කර ගන්නා ලෙස ද නියෝග කර ඇත.

 

 

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් රුපියල් පන්දහසක අල්ලසක් ලබාගත් බවට මතුගම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ කාර්මික නිලධාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

අල්ලස් කොමිසම පැවසුවේ බේරුවල ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකුගෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

 

 

සඳහන් වන්නේ පැමිණිලිකරු විසින් නිමකළ කොන්ත්‍රාත්තුවකට අදාළ බිල්පත් සකස් කර කාර්යාලය මගින් නිර්දේශ කරදීමට අවශ්‍ය කටයුතු කරදෙන බව පවසා ඒ වෙනුවෙන් රුපියල් පන්දහසක මුදලක් අදාළ කාර්මික නිලධාරියා විසින් ඉල්ලා ඇති බවයි.

 

 

අල්ලස් කොමිසම සඳහන් කළේ මතුගම පොලිස් ස්ථානය අසලදී එම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

 

 

views

195 Views

Comments

arrow-up