පන්විල මාර්ගයේ රිය අනතුරකින් 13ක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

පන්විල මාර්ගයේ රිය අනතුරකින් 13ක් රෝහලේ

පන්විල මාර්ගයේ රිය අනතුරකින් 13ක් රෝහලේ

පන්විල, නාරම්පනාව, ඔරුතොට මාර්ගයේ සේරා වත්ත හන්දියේදී ඊයේ (19) සවස් කාලයේදී නාරම්පනාව දෙස සිට ධාවනය කළ කුඩා ලොරි රථයක්, රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝද රථයක ගැටී, ලොරි රථය සහ ත්‍රිරෝද රථය මාර්ගයෙන් පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසා සිටී.

අනතුරෙන් ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් එකොළොස් දෙනෙකු සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා ඇත.

 

තුවාලකරුවන් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ලොරි රථයේ සහ ත්‍රිරෝද රථයේ රියදුරන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

views

250 Views

Comments

arrow-up