තවමත් සිය සේවය ස්ථිර කොට නොමැති බවට මදුරු මර්දන සහයකයින්ගෙන් මැසිවිලි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

තවමත් සිය සේවය ස්ථිර කොට නොමැති බවට මදුරු මර්දන සහයකයින්ගෙන් මැසිවිලි

තවමත් සිය සේවය ස්ථිර කොට නොමැති බවට මදුරු මර්දන සහයකයින්ගෙන් මැසිවිලි

2017 වර්ෂයේ මාර්තු 06 වන දින අදියර තුනක් යටතේ එවකට පැවති රජයේ මගින් ඩෙංගු මර්දන සහයකයන් ලෙස තමන් ඇතුළු පිරිස බඳවා ගන්නේ දිස්ත්‍රික් 25 ක් නියෝජනය වන පරිදි සේවකයන් 1125 දෙනෙකු ලෙස බව මදුරු මර්දන සහයකයින්ගේ සංගමයේ සභාපති චාමර එදිරිසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

 

නමුත්, තමන් ඇතුළු මේ සේවකයින් කිසිවකුත් කිසිදු රජයක් මගින් ස්ථිර කිරීමට කටයුතු නොකළ බවත්, ඒ පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද දැනුවත් කළත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවර නොගත් බවත් ඔවුන් චෝදනා කර සිටී.

 

එම සංගමය වැඩිදුරටත් චෝදනා කර සිටින්නේ අවුරුදු දෙකකට කලින් බඳවාගත් බහුකාර්ය නිලධාරීන් 2700 දෙනෙකු පසුගිය දිනෙක ස්ථිර කළ බවටත් සය වසරක් සේවය කළ මදුරු මර්දන සහයකින් මෙතෙක් ස්ථිර කිරීමට කටයුතු කර නොමැති බවටත් ය.

views

235 Views

Comments

arrow-up