පූජිත සහ හේමසිරිට එරෙහි පෙත්සම ජූලි 04 විභාගයට ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

පූජිත සහ හේමසිරිට එරෙහි පෙත්සම ජූලි 04 විභාගයට ගැනේ

පූජිත සහ හේමසිරිට එරෙහි පෙත්සම ජූලි 04 විභාගයට ගැනේ

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය පාස්කු ඉරිදා ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.

 

මෙම නියෝගය ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිකුත් කරන ලද බව වාර්තා වේ.

 

ඒ අනුව, පෙත්සම් විභාගය ජුලි මස 04 වනදා ආරම්භ කරන ලෙසට විනිසුරු මඩුල්ල අද නියම කරන ලදී.

views

237 Views

Comments

arrow-up