ලාදුරු රෝගීන් සොයා දිවයින පුරා මෙහෙයුම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

ලාදුරු රෝගීන් සොයා දිවයින පුරා මෙහෙයුම්

ලාදුරු රෝගීන් සොයා දිවයින පුරා මෙහෙයුම්

ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ ලාදුරු රෝගීන් හඳුනා ගැනීම සඳහා නිවාස මට්ටමින් පුද්ගලයින් පරික්ෂා කිරීම ආරම්භ කළ බවයි.

 

එහි පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති අතර දිනක් තුළ කළ පරික්ෂා කිරීම් වලදී ලාදුරු රෝගීන් දෙදෙනකු සොයා ගත් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

 

පසුගිය වසර තුළ මෙරටින් හඳුනාගෙන ඇති ලාදුරු රෝගීන් සංඛ්‍යාව 1400 ක් වන අතර ඉන් 246 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද වාර්තා වේ.

views

274 Views

Comments

arrow-up