කිසිඳු කාර්යභාරයක් නොමැති සේවකයන් ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවයේ

කිසිඳු කාර්ය භාරයක්නොමැති සේවකයන් ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවයේ සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා ප්‍රකාශ කරයි.
මේ වන විට රාජ්‍ය අංශයේ ලක්ෂ 16කට ආසන්න පිරිසක් සේවය කරයි.
ඉන් තුනෙන් එකක පිරිසක් කම්කරුවන්, රියදුරන් සහ කාර්යාල කාර්ය සහයකයින් බව ඒ මහතා පෙන්වා දෙයි.
එසේම නිශිචිත තනතුරක් නොමැතිව බඳවාගත් පිරිසක්ද රාජ්‍ය සේවයේ සිටින බවත් දැනට සිටින රාජ්‍ය සේවකයින් අතරින් තුනෙන් එකක ප්‍රමාණයක් නොමැතිව වුවද රාජ්‍ය සේවය පවත්වාගෙන යා හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
322 Views
Comments