පෞද්ගලික අංශයත් රුපියල් 5000 ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

පෞද්ගලික අංශයත් රුපියල් 5000 ඉල්ලයි

පෞද්ගලික අංශයත් රුපියල් 5000 ඉල්ලයි

ජීවන වියදම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමුකර රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට රජය මැදිහත් වියයුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් අන්තර් සමාගම් සේවක සංගමය ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

 

 

රටේ ජීවන වියදම ඉහළ යන විට වැඩකරන ජනතාවට ලබාදෙන සහන සියලුම වැඩකරන ජනතාවට ලැබිය යුතු බවත් රාජ්‍ය අංශයේ සේවකයාට ජීවත්වීමට අපහසුව නිසා රුපියල් 5000 ක දීමනාවක් ලබාදුන්නාක් මෙන්ම පෞද්ගලික අංශයේ සේකයාට ද එම රුපියල් 5000 ලබාදීම රජයේ වගකීමක් බවත් අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.

views

1156 Views

Comments

arrow-up