“විදේශිකයන්ගේ ගෙවීම් විදෙස් මුදල් වලින් පමණක් භාරගන්න” - හෝටල්වලට අනිවාර්ය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

“විදේශිකයන්ගේ ගෙවීම් විදෙස් මුදල් වලින් පමණක් භාරගන්න” - හෝටල්වලට අනිවාර්ය කරයි

“විදේශිකයන්ගේ ගෙවීම් විදෙස් මුදල් වලින් පමණක් භාරගන්න” - හෝටල්වලට අනිවාර්ය කරයි

විදේශිකයන් විසින් සිදුකරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාරගැනීමට හෝටල් සැපයුම්කරුවන්ට අනිවාර්යය කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කළ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි.

 

මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර එමඟින් එම නීති ප්‍රකාශයට පත්කර ඇති බවත් මහ බැංකුව පවසයි.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දක්වන මහ බැංකුව පහත පරිදි කරුණු දක්වා ඇත.

 

ශී‍්‍ර ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින් සිදුකරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කරන ලදී. මෙම රීති 2022 ජනවාරි 21 දිනැති අංක 2263/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර තිබේ.

views

697 Views

Comments

arrow-up