බොරැල්ල දේවස්ථානයේ බෝම්බයක් තැබූ සිද්දියට විශ්‍රාමික වෛද්‍යවරයෙකු අල්ලයි

බොරැල්ල සියළු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සඳහන් කරයි.
මීට දින තුනකට පමණ ඉහතදී ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලියනගේ දයාසේන නැමැති 65 හැවිරිදි සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර තිබූ එම සැකකරු දේවස්ථානය ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබූ අතර එවකට එහි ආරක්ෂක නිලධාරියා ලෙස පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ක්‍රියා කර තිබූ බවත් විමර්ශනවල දී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.
685 Views
Comments