ලක්ෂ 125ක කේරළ ගංජා ඇද්ද දෙකක් මාට්ටු

රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්, කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම කැබ් රථය සමඟ ඊයේ(10) රාත්‍රි අත්අඩංගුවට ගැනුණු බව මැදවච්චිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පුදුකුඩුඉරිප්පු සහ මුලතිව් ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ය.
පොලීසියට ලද තොරතුරක් මත යාපනය - මහනුවර ඒ-9 මාර්ගයේ බූ ඔය පාලම අසලදී මෙම වැටලීම සිදුකර සැකකරුවන් සතුව තිබූ කේරළ ගංජා කිලෝ 24යි ග්රෑම් 850ක ප්‍රමාණයක් සහ කැබ් රථය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුලතිව් සිට කොළඹ දක්වා කෙසෙල් ප්‍රවාහනය කරන මුවාවෙන් සූක්ෂම ලෙස සඟවා මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබූ බව පොලිසිය කියයි.
665 Views
Comments