JAN
05
ටික්ටොක් ඝාතනය සම්බන්ධයෙන් බාලවයස්කරුවන් 6 ක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් – රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේදී පෙරේදා (03)17 හැවිරිදි බාලවයස්කරුවකු පිහියෙන් ඇන ඝාතනය කර තිබුණි.
පසුව පොලීසිය සිදුකළ විමර්ශනයන්හීදී අනාවරණය වූයේ ටික් ටොක් වීඩියෝවක් කරමින් සිටියදී ඇතිවූ ආරවුලක් නිසා මෙම තරුණයාව ඝාතනය කර ඇති බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට වයස 15 ත් 17ත් අතර පසුවන බාලවයස්කරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.
787 Views
Comments