දින 26 ක් තුළ විදෙස් සංචාරකයින් 69,000 ක් දිවයිනට

දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයින් 69,941 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එය මෙම වසරේ මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් පිරිස බවයි එම අධිකාරිය සඳහන් කළේ.
දෙසැම්බර් මාසයේ වැඩිම සංචාරකයින් පිරිස ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 19,574 ක්. මීට අමතරව රුසියාවෙන් 7,951 ක් සහ එංගලන්තයෙන් 6,819 ක් සංචාරකයින් ලෙස මෙම මාසය තුළ මෙරටට පැමිණ තිබෙනවා.
735 Views
Comments