සොයුරියගේ පෙම් පලහිලව්ව වසන් කලැයි බාප්පාගෙන් සහ පියාගෙන් පහර කා ජීවිතයෙන් සමුගත් නුවන්තිකාගේ කඳුලු කථාව
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

සොයුරියගේ පෙම් පලහිලව්ව වසන් කලැයි බාප්පාගෙන් සහ පියාගෙන් පහර කා ජීවිතයෙන් සමුගත් නුවන්තිකාගේ කඳුලු කථාව

සොයුරියගේ පෙම් පලහිලව්ව වසන් කලැයි බාප්පාගෙන් සහ පියාගෙන් පහර කා ජීවිතයෙන් සමුගත් නුවන්තිකාගේ කඳුලු කථාව

තම පියාගේ හා බාප්පාගේ දඬුවමකින් දැරියක් නිවසේදීම ජීවිතක්‍ෂයට පත්වීමේ කණගාටුදායක පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තාවේ.

 

ඥාති සොහොයුරියකගේ ප්‍රේම සම්බන්ධතාවකට දැරිය සහය ලබාදුන් බව කියන සිද්ධියක් මුල්කරගනිමින් එම දඬුවම ලබාදී ඇති බව මේවන විට අනාවරණය වී ඇත.

 

එලෙස මියගොස් තිබෙන්නේ ගම්පොළ, මවුන්ට් ටෙම්පල් ජනපදයේ පදිංචිව සිටි 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර නම් 14 හැවිරිදි දැරියකි.

 

පසුගිය 13 වැනිදා ඇයව ගම්පොළ අංගම්මන ප්‍රදේශයේ පිහිටි ඇගේ බාප්පාගේ නිවසට කැටුව ගොස් ඇත්තේ බාප්පාගේ දියණියගේ හා මවගේ තනියට එහි නතර කිරීමේ අරමුණිනි.

 

දින කිහිපයක් එම නිවසේ සිටි ඇය පසුගිය 19 වැනිදා නැවත තම නිවසට රැගෙනවිත් තිබුණි.

 

ඉන්පසුව ඇය කිහිපවරක් වමනය කර තිබුණු අතර ඇය නිවැසියන්ට පවසා තිබුණේ බාප්පා පහර දුන් බවයි.

 

බාප්පාගේ දියණියගේ ප්‍රේම සම්බන්ධතාවක් ගැන තොරතුරු වසන් කළේ යැයි පවසමින් එම පහරදීම සිදුව ඇත.

 

පසුව 21වැනිදා ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වී තිබෙන අතර, එදින අලු‍යම දැරියගේ පියාද ඇයට පහරදී තිබේ.

 

පසුව දැරිය රෝහල්ගත කිරිමට නිවැසියන් උත්සාහ කළත් පියා ඊට ඉඩදී නොමැති අතර එදින දහවල් 2ට පමණ දැරිය නිවසේදීම මියගොස් ඇත.

 

ගම්පොළ මහෙස්ත්‍රාත්වරයාට සිදුවීම පිළිබඳ අදහස් දැක්වු මියගිය දැරියගේ සහෝදරිය මෙලෙස පැවසීය.

 

”‍අක්කි දොඩවනවා කියලා තාත්තිට නිදාගන්න නැහැ කියලා තාත්ති පාන්දර 2ට විතර පොඩි අක්කිට රීප්ප පටියකින් කකුල් දෙකට ගැහුවා. පොඩි අක්කි කාමරේට ගිහින් නිදාගත්තා. ආයේ දොඩවන්න පටන්ගද්දි තමයි තාත්ති ඇවිල්ලා එළියට දැම්මා අක්කිව. තාත්තා චුට්ටක් බීලා හිටියේ හවස.”‍

 

ඇයි ඉස්පිරිතාලේ එක්කන් ගියේ නැත්තේ අම්මයි තාත්තයි.?

 

”‍ඉස්පිරිතාලේ එක්කන් ගියේ නැහැ. පල්ලෙහා නැන්දා කෙනෙක් ඉන්නවා. එයා ගාවට ගියා බලන්න. එතකොට කිව්වා පොඩි අක්කි බයවෙලා කියලා. අද හවස දෙහි ගෙඩියක් මේවා කරන්න යද්දි තමයි ඉස්පිරිතාලේ එක්කන් ගියේ හුස්මගන්නේ නැති නිසා. එතකොටත් මැරිලා ඉඳලා තියෙන්නේ. ”‍

views

40309 Views

Comments

arrow-up