කංසා නීති ගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

කංසා නීති ගත කරයි

කංසා නීති ගත කරයි

පුද්ගලික භාවිතය සඳහා කංසා නිතීගත කළ යුරෝපීය සංගමයේ පළමු රට බවට මෝල්ටාව පත්ව තිබෙනවා.

 

එමෙන්ම නිවාසවල වගා කිරීමටද අනුමැතිය හිමිවනු ඇති අතර නිවසේ කංසා පැළ 4ක් දක්වා වගා කිරීමටත් හැකියාව හිමිවනවා.

 

මෙම නව නිතීයට ඊයේ දිනයේ දී අනුමැතිය හිමිවූ අතර නව නිතීය මගින් එරට පුරවැසියන්ට සිමීත කංසා ප්‍රමාණයක් වගා කිරීමට සහ ළඟ තබා ගැනීමට හැකියාව උදා වනවා.

 

නව නිතීය යටතේ එරට සිටින වයස අවුරුදු 18ට සහ ඊට වැඩි පුරවැසියන්ට කංසා ග්‍රෑම් 7ක් ළඟ තබා ගත හැකියි.

 

මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අග්‍රාමාත්‍ය රොබට් අබේලාගේ සහාය හිමි වුණා.

 

මෝල්ටාවේ ජනාධිපති ජෝර්ජ් වෙල්ලා මෙම සති අන්තයේ දී කංසා නීතිගත කරන පනත් කෙටුම්පත බලාත්මක කිරීමට නියමිතයි.

views

730 Views

Comments

arrow-up