වත්තේගම ළමා නිවාසයෙන් පලා ගිය දැරියන්ගෙන් තිදෙනෙක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

වත්තේගම ළමා නිවාසයෙන් පලා ගිය දැරියන්ගෙන් තිදෙනෙක් හමුවෙයි

වත්තේගම ළමා නිවාසයෙන් පලා ගිය දැරියන්ගෙන් තිදෙනෙක් හමුවෙයි

වත්තේගම මීගම්මන ප්‍රදේශයේ ළමා නිවාසයක ගැහුණු ළමුන් පස් දෙනෙකු පසුගිය දිනක පළා ගොස් තිබූ අතර අදාළ පස් දෙනාගෙන් ළමුන් තිදෙනෙක් ඊයේ(08) වන විට සොයා ගැනීමට හැකිව තිබේ.


එක් දැරියක් දවුලගල පොලිස් වසමේ ඥාති නිවසක රැඳී සිටියදී ඊයේ(08) අධිකරණය හමුවට පැමිණි වීමෙන් පසු ළමා නිවාසයට බාරදී ඇත.

 

 නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ සිටි පළා ගිය තවත් එක් ළමයෙක් නාවලපිටිය පොලිසිය මඟින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි. 


අනෙක් දඅරිය වත්තේගම පිහිටි සිය නිවස වෙත ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඇයද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අනෙකුත් දැරියන් දෙදෙනා සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

මෙම දැරියන් අධ්‍යාපන කටයුතු සඳහා ළමා නිවස ආසන්නයේ පිහිටි පාසලකට යොමුකර සිටියදී පසුගිය 06 වනදා දහවල් 11ට පමණ පළා ගොස් තිබුණි.

views

768 Views

Comments

arrow-up