වන අලි මරණයට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ වන අලියෙකු විදුලිය වැදී මිය යාමෙ සම්බන්ධයෙන් සැක පිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පුත්තලම වන ජීවී කාර්යාලය සඳහන් කරයි.
කල්අඩිය - සිංහපුර ප්‍රදේශයේ මීට දින කිහිපයකට ප්‍රථම මියගිය වන අලියකුගේ මළ සිරුරක් පෙරේදා(30) වන ජීවී නිලධාරින් විසින් සොයා ගැනුණි.
එම වන අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව අධි බලැති විදුලියක් වැදීමෙන් මෙම වන අලියා මිය ගොස් ඇතැයි නිගමනය කර තිබේ.
සිදුවීම පිළිබදව පුත්තලම අලි පාලන ඒකකය හා දිසා වන ජීවී කාර්යාලය එකාබද්ධව සිදු කල විමර්ශණ වලින් පසු මෙම වන අලියා මිය ගොස් සිටි ඉඩමේ හිමිකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
714 Views
Comments