පාසල් 24කින් කොරෝනා ආසාදිතයින් හමුවෙයි

පසුගිය 12 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 10 තුළ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 24ක සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනධ්‍යයන සේවකයින් ඇතුළු 49 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අතර සිසුන් 30 දෙනෙකුද සිටී.
එසේම ඊයේ මොරවක රෝහලේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ මගින් නව ආසාදිතයින් 50 දෙනෙකු හඳුනාගෙන ඇත.
මේ අතර උත්සව සමයේදී අවදානම් තත්ත්වයක් උද්ගතවිය හැකි බැවින් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමන කළ යුතු බව වෛද්‍යවරු නැවත අවධාරණය කරති.
ඒ පිළිබඳව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
“සාප්පුවලට සීමිත පිරිසක් ඇතුළත් කරගන්න. වෙළෙඳසැල් පවත්වාගෙන යන්නේ අවදානමක් ඇතිවයි. සෞඛ්‍යාරක්ෂාවෙන් තොරව වෙළෙඳසැල්වලට ගියොත් අවදානම තවත් වැඩිවෙයි. ඔබලා නැවත අවදානමක් ගන්න එපා.”
760 Views
Comments