මහ රෑ වහලයේ උළු ඉවත්කොට ගෙට පැන නිවසේ තනිව නිදා සිටි 70 හැවිරිදි කාන්තාව කෙළෙසයි

යටකලාන ප්‍රදේශයේ තනිව නිවසක නිදා සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් පසුගිය 26 වැනිදා රාත්‍රී වහලයේ උළු ඉවත් කර නිවසට ඇතුලුවූ පුද්ගලයෙකු විසින් දූෂණය කර ඇතැයි මාරවිල පොලිසිය පවසයි.
අක්කර දෙකක පමණ ඉඩමක පිහිටි නිවසේ මෙම අවිවාහක කාන්තාව තනිව පදිංචිව සිට ඇති අතර සහෝදරයින් අටදෙනෙකු වෙනත් ප්‍රදේශවල පදිංචිව සිට තිබේ.
සැකකරු පැමිණෙන අවස්ථාවේ මෙම කාන්තාව තද නින්දේ පසුව ඇති බවත් මුහුණ රෙදි කඩකින් වසා තමාව දූෂණය කර ඇති බවත් පුද්ගලයා හඳුනාගැනීමට නොහැකි වූ බවත් ඇය පොලිසියට පවසා ඇත.
මාරවිල පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
982 Views
Comments