කොටදෙණියාවේ සිසුන් දෙදෙනා රැගෙන ගියේ කරෝල වේලන්නද! රහස් පොලිසිය කොරෝල වාඩී පීරයි

කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දෙදෙනා සෙවීමේ මෙහෙයුම් වල නියැලී සිටින රහස් පොලිස් කණ්ඩායම් අද දින මීගමුවේ දූපත්වල පිහිටි කරෝල වාඩි පරික්ෂා කිරීම ආරම්භ කොට තිබෙනවා.
ලද තොරතුරකට අනුවයි මෙම පරික්ෂා කිරීම ආරම්භ කොට ඇත්තේ.
කරෝල වේලීම සඳහා කුඩා දරුවන් රැගෙන ගොස් ඇති බවට සැකයක් මතයි මෙම පරික්ෂා කිරීම සිදු වන්නේ.
මේ වන විටත් දරුවන් ගැවසුණු සහ සැක කළ ස්ථාන 200 කට අධික සංඛ්‍යාවක් රහස් පොලිසිය පරික්ෂා කොට තිබෙනවා.
මේ සඳහා රහස් පොලිසියෙන් පමණක් කණ්ඩායම් අටක් යොදවා තිබෙනවා.
කෙසේ නමුත් මෙම දරුවන් දෙදෙනා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි වාර්තා වන්නේ.
10 හැවිරිදි සහ 12 හැවිරිදි මෙම දරුවන් දෙදෙනා අභිරහස් ලෙස අතුරුදන් වූයේ මීට දින 44ට පෙර වීමද විශේෂයක්.
907 Views
Comments