අවුරුදු 03ක දැරියට හදිකළ සැකකරු ඇප මත නිදහස්

අවුරුදු 03 යි මාස 06ක් වයසැති දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණ සැකකරුවෙකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා පසුගිය 28 වනදා නියෝග කළේය.
අදාළ දැරියගේ පියා සහ මව වෙන්ව ජීවත්වන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
දැරිය මව භාරයේ සිටින බවත් අධිකරණ නියෝග මත දැරිය තාවකාලිකව පියාට භාරදුන් අවස්ථාවේදී ලිංගික අතවරය සම්බන්ධයෙන් දැරිය පියාට පවසා ඇති බවත් අධිකරණයේදී වාර්තාවිය.
ළමා ආරක්ෂණ අධිකාරිය මගින් කරන ලද දැනුම්දීමකින් පසු මිනුවන්ගොඩ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
දෙපාර්ශ්වය අතර පවතින ආරවුල හේතුවෙන් සිදුකර ඇති පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසුවාය.
පැමිණිල්ලේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව දීර්ඝ ලෙස විමර්ශන සිදු කරන ලෙසට අධිකරණයෙන් පොලිසියට නියෝ කෙරිණි.
පැමිණිල්ල අසත්‍ය එකක් බවට අනාවරණය වුවහොත් පැමිණිලිකරුට අධිකරණය හමුවේ නඩු පවරන ලෙසටත් අධිකරණය පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.
766 Views
Comments