වැලිගම වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

වැලිගම වෙඩි තැබීමක්

වැලිගම වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් වැලිගම මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (22) සවස තුවාල ලබා තියෙනවා.

 

ඔසු  සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව රැකියාව කරන අයෙක්.

 

වෙඩි වැදීමෙන් තුවාල ලැබු  ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කර තියෙනවා.

 

යතුරුපැදියකින් පැමිණි  පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබිම  පස්වරු 5:40 පමණ  සිදුකොට  පලා ගොස් තිබෙනවා.

 

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දිනේෂ් ප්‍රියදර්ශන දොඩන්ගොඩ(39) වැලිගම වලාන රජයේ රෝහලට ඇතුලත් කර  අනතුරුව  වැඩිදුර ප්‍රතිකාර සඳහා  මාතර මහ රෝහලට මාරු කර යවා තිබුණා.

 

වෙඩි තැබු පුද්ගලයන්  පැමිණි බවට සැක කරන  පල්සර් වර්ගයට අයත්  යතුරුපැදියක් සහ හිස් වැසුම් දෙකක්   වැලිගම කුඹල්ගම දුම්රියපොළ ස්ථානයේදී  දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

 

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර  ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා  වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

 

 

 


Sorce :- matara hot news

views

784 Views

Comments

arrow-up