DEC
23
බදාදා සිට බස් ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ලබන බදාදා සිට බස් ගාස්තු වැඩිකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදීය.
ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්විණි.
697 Views
Comments