DEC
23
මහ බැංකුවෙන් ඩොලර් බිලියන 3ක සහතිකයක්

2021 වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නුදුරේදීම විදේශ විනිමය ලැබීම් ගණනාවක් අපේක්ෂා කරන බවයි.
මෙම අපේක්ෂිත විදේශ විනිමය ගලාඒම් සමඟ නිල සංචිත තත්ත්වය 2022 වසර පුරා හිතකර මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
715 Views
Comments