දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි - බොහෝ ප්‍රදේශවලට පැහැබර කාලගුණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි - බොහෝ ප්‍රදේශවලට පැහැබර කාලගුණයක්

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි - බොහෝ ප්‍රදේශවලට පැහැබර කාලගුණයක්

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවන ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත.

 

බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

පොතුවිල් සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වාවන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්   හමයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා වැඩි විය හැක.

 

මන්නාරම සිටපුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශමද වශයෙන් රළු වේ.

views

727 Views

Comments

arrow-up