කොවිඩ් එන්නත ලබා ගැනීම අනිවාර්යද..?

කොවිඩ් වෛරස ආසාදනය වීම වැළැක්වීම සඳහා එන්නත් අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවට නීතියක් හෝ රෙගුලාසියක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
වයස අවුරුදු 18ට වඩා අඩු පුද්ගලයින්ට කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය එම දැනුම් දීම සිදුකළාය.
අදාළ එන්නත ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් පමණක් යම් පුද්ගලයෙකුට එය ස්වෙච්ඡාවෙන් ලබාගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.
637 Views
Comments