මාර්ගවල කෙළ ගසන පුද්ගලයින්ට වැඩ වරදියි

මහා මාර්ගවල තැනින්තැන කෙළ සහ බුලත් කෙළ ගසන පුද්ගලයන්ට එරෙහිව ඊයේ(08) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලීසියට දැනුම් දී තිබේ.
ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීමකදී ඒ පිළිබඳව සාකච්ඡා වී ඇත.
පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර ඒකකයට මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.
මාර්ගවල තැනින්තැන කෙළ ගැසීමෙන් දැඩි අපවිත්‍ර තාවයක් ඇතිවීම මෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තියටද හේතුවක් වන බැවින් ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය මතුවී තිබේ.
670 Views
Comments