දිමුත් පිතිකරණ ලැයිස්තුවේ 7 වන තැනට

ටෙස්ට් ක්‍රිකට් පිතිකරන ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න 7වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඒ ලකුණු 772ක් ලබාගනිමිනි.
මෙම පිතිකරණ ලැයිස්තුව ඊයේ දිනයේ යාවත්කාලීන කර තිබූ අතර එහිදී 11 වන ස්ථානයේ සිටි දිමුත් මෙලෙස 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ ජෝ රූට් සිටින අතර දෙවන ස්ථානයේ පසුවන්නේ ස්ටීව් ස්මිත්ය.
ලැයිස්තුවේ 6වන ස්ථානය දරන්නේ ඉන්දියානු ක්‍රීඩක විරාට් කෝලි වන අතර ඔහු සහ දිමුත් අතර පවතින්නේ ලකුණු තුනක පරතරයකි.
352 Views
Comments