ටොෆියක් කවා ශිෂ්‍යාව පැහැරගෙන ගොස් කැලෑවක සති ගණනක් රඳවාගෙන සිටි තරුණයා පොලිස් මෙහෙයුමකින් අල්ලයි

මඩාටුගම ප්‍රදේශයේ දහනම හැවිරිදි තරුණයෙකු විසින් දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් තිරියාය, ගෝමරන්කඩවල, අඩම්පනේ ප්‍රදේශයේ කැලෑවක සඟවාගෙන සිටියදී දැඩි පරිශ්‍රමයක් දරා දින ගණනාවකට පසු කැකිරාව පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
මහ ඇලගමුව වැවේ මාළු ඇල්ලීමට පැමිණි තරුණයා විසින් පාසල් ශිෂ්‍යාවට ටොපියක් කෑමටදී රවටාගෙන මෙලෙස පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
පාසල් ශිෂ්‍යාව විසින් පොලිසියට පවසා තිබෙන්නේ ටොපියක් කෑමෙන් පසු තමන් කළ කීදේ අමතක බවයි.
මෙම ශිෂ්‍යාවගේ පියා ජීවිතක්‍ෂයට පත්ව ඇති ඇති අතර මව වෙනත් විවාහයක් කරගෙන තිබේ.
ඇය සීයා සහ මිත්තනියගේ රැකවරණය යටතේ ශිෂ්‍යාව ජීවත්වන බව පොලිසිය පවසයි.
කැකිරාව පොලිසියට සීයා විසින් සිද්ධිය පැමිණිලි කිරීමෙන් පසුව මඩාටුගම සිට තිරියායට ගමන් කළ ත‍්‍රිරෝද රථය සොයාගෙන ඒ අනුව පරීක්ෂණ පවත්වා දැඩි පරිශ්‍රමයක් දරා කැලෑවේ සඟවාගෙන සිටි ශිෂ්‍යාව සොයාගත් බව පොලිසිය කියයි.
සැකකාර තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ශිෂ්‍යාව සීයාගේ ඉල්ලීම අනුව මිත්තනියට භාරදී තිබේ.
කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
18291 Views
Comments