තෙල්දෙණිය අධිකරණ රෙජිස්ටාර් වරිය අල්ලස් දැලේ

රු.10,000ක අල්ලස් මුදලක් ලබා ගැනීම සඳහා උත්සාහ කළ තෙල්දෙණිය දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ටාර්වරිය අල්ලස් හා දූෂණ කොමිෂන් සභා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් තැනැත්තිය මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඒ අධිකරණ නියෝගය මත තහනම්කල දේපල වෙන්දේසියක් කඩිනම් කිරීමට මුදල් ලබාගැනීමේ දී ය.
මෙම රෙජිස්ටාර්වරිය විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකුගෙන් මෙම අල්ලස් මුදල ලබා ගැනීමට උත්සාහ කර ඇත.
ඇයව අඩංගුවට ගැනුණේ නාවික හමුදා නිලධාරියා සිදුකළ පැමිණිල්ලකට අනුවයි
1031 Views
Comments