විදුලි කොන්ත්‍රාත් සමාගමේ නොසැලකිල්ල සය දරුපියාට මරු කැඳවයි - දියණියට අසාධ්‍යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

විදුලි කොන්ත්‍රාත් සමාගමේ නොසැලකිල්ල සය දරුපියාට මරු කැඳවයි - දියණියට අසාධ්‍යයි

විදුලි කොන්ත්‍රාත් සමාගමේ නොසැලකිල්ල සය දරුපියාට මරු කැඳවයි - දියණියට අසාධ්‍යයි

විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් සමාගමක සේවකයන් පිරිසක් අනාරක්ෂිත ලෙස කැපූ පොල් ගසක් පාරේ ගමන් ගනිමින් තිබු යතුරුපැදියක් මතට වැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පියා මිය ගොස් දියණිය බරපතළ තුවාල ලබා තිබේ.

 

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙන්නේ නල්ලමුදාව, ඇඳගල බී. ඒ. ගුණරත්න නැමැති 70 හැවිරිදි සය දරු පියෙකි. 

 

ඔහු ලංකා ගමනාගමන මණ්ඩලයේ විශ්‍රාමිකයෙක්වේ.

 

කලත්තෑව, කුරුන්දන්කුලම ලිපිනයේ පදිංචිව සිටි ගොවි නියාමකවරියක් වන  බී.ඒ තක්ෂිලා නැමැති මියගිය අයගේ දියණිය බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ශල්‍යකර්මයකට භාජනයකර තිබේ.

 

කලැත්තෑව, නෙළුන්කන්නිය මාර්ගයේ තරියන්කුලම මංසන්ධිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

 

විදුලිබල මණ්ඩලයට අයත් කොන්ත්‍රාත් සමාගම විදුලි රැහැන්වලට අවහිරයක් වන ගස් සහ අතු කපා දැමීම සිදු කරන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.

views

781 Views

Comments

arrow-up