අස්ගිරි මහනාහිමි ගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

අස්ගිරි මහනාහිමි ගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්

අස්ගිරි මහනාහිමි ගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්

අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

 

ඒ මෙරට පාකිස්තානු මහ කොමසාරිස්වරයා හරහාය.

 

පාකිස්තානය ලැජ්ජාවට පත් කළ මෙම සිදුවීම හමුවේ අග්‍රාමාත්‍යවරයා කඩිනමින් ගත් නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදීමට පත්වූ බවත් එමගින් පාකිස්තානු නායකත්වයේ ස්වාධීනත්වය පෙන්නුම් කළ බවත් එහි සඳහන්ය.

 

වරදකරුවන් නීතිය හමුවට රැගෙනවිත් වින්දිතයාට යුක්තිය ඉටුකිරීම දෙරටේ දීර්ඝකාලීන මිත්‍රත්වය සහතික කරගැනීමක් බවද එම ලිපියේ දැක්වෙයි.

 

ඒ සම්බන්ධයෙන් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය තබන ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් ශ්‍රී ලාංකිකයින්ද ඇතුළුව පාකිස්තානයේ සේවය කරන සියලු විදේශිකයින්ට යහපත් වාතාවරණයක් රට තුළ නිර්මාණය කරදෙන ලෙසත් මහනායක හිමියන් යොමු කළ ලිපියේ සඳහන්වී තිබේ.

views

703 Views

Comments

arrow-up