ප්‍රියන්ත මහතාගේ වැටුප මාසිකව ඔහුගේ බිරිඳගේ ගිණුමට

පාකිස්තානයේ සියල්කොට්හිදී අන්තවාදී පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මාසික වැටුප සෑම මසකම 05 වැනිදාට ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කිරීමට එම සමාගම එකඟව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.
තමන් මැදිහත් වී පකිස්තානයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හරහා එම සමාගම සමඟ සාකච්ඡා කර මෙම එකඟතාව ඇතිකරගත් බව ඇමතිවරයා පැවසීය.
ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන් වෙත මුදල් පරිත්‍යාගයක් ලබාදීම සහ පාසල් උපකරණ පිරිනැමීම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් එම අමාත්‍යාංශයේදී ඊයේ(15) සිදුකෙරිණි.
එම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
987 Views
Comments