මහනුවර සුපිරි බාලිකාවේ අතුරුදන්වූ බාලවයස්කාර සිසුවියගේ පෙම්වතා රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

මහනුවර සුපිරි බාලිකාවේ අතුරුදන්වූ බාලවයස්කාර සිසුවියගේ පෙම්වතා රිමාන්ඩ්

මහනුවර සුපිරි බාලිකාවේ අතුරුදන්වූ බාලවයස්කාර සිසුවියගේ පෙම්වතා රිමාන්ඩ්

මහනුවර ප්‍රධාන පෙළේ සුපිරි බාලිකා විද්‍යාලයක 10 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලැබූ බාලවයස්කාර දැරියක් අතුරුදන්වීමේ සිදුවීමට අදාළව මහනුවර පොලීසිය විසින් අත්අඩංග-ුවට ගත් ඇගේ පෙම්වතා යැයි කියන 20හැවිරිදි තරුණයෙකු අද(16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත්වරයා ඊයේ(15) නියෝග කළේය.

 

 මහනුවර පොලීසිය මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු පේරාදෙණිය පොලීසියට භාරදීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

 

ඉකුත් 09 වැනිදා සිට මෙම දැරිය අතුරුදන්ව ඇති බවට ඇගේ දෙමාපියන් කරන ලද පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පේරාදෙණිය පොලීසිය අධිකරණයට කරුණූ වාර්තා කර තිබේ.

 

සිදුකරනු ලැබූ විමර්ශනයට අනුව මෙම දැරිය සමඟ පේම් සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන නාවලපිටිය ප්‍රදේශයේ 20 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටියේය.

 

අධිකරණය විසින් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර අතුරුදන් දැරිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තා කරන ලෙසට පේරාදෙණීය පොලීසියට නියෝග කළේය.

views

4380 Views

Comments

arrow-up