DEC
30
හැමෝම හොයපු මහින්දට තිරුපති යන්න ජෙට් එක දුන් ව්‍යාපාරිකයා එළියට

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට තිරුපති යාම සඳහා තම පෞද්ගලික ජෙට් යානයක් ලබාදී ඇත්තේ වේලුපිල්ලේ කනනාදන් විසින් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
කනනාදන් මහතා පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී උගන්ඩාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර වත්මන් රජය යටතේ කෙන්යාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරයි.
රාජපක්ෂ පවුලේ හිතවතෙකු ලෙස සැලකෙන කනනාදන් මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් සමඟ හිතවත්කම් පවත්වාගෙන යන්නකු ලෙසත් සැලකේ.
කෙසේවුවත් මෙම ව්‍යාපාරිකයා පිළිබදව පළමුවරට රටට අනාවරණය කළේ පුබුදු ජාගොඩ මහතාය.
968 Views
Comments