DEC
23
වීරසේකරගේ අණ පරදි කොළඹ ආරක්ෂාව තද කරයි

එළඹෙන උත්සව සමයේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා උපදෙස් ලබා දී තිබේ.
අමාත්‍යවරයා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත මීට අදාල උපදෙස් ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය කාර්යාලය සදහන් කළේය.
ඒ අනුව මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන සහ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
1017 Views
Comments