යතුරුපැදිය තී‍්‍රරෝද රථයේ හැපී හමුදා නිලධාරියා මරුට

පසුගිය 16 වැනිදා සවස 6.00ට පමණ කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ නෙස්ලේ මංසන්දියේදී ත්‍රීරෝද රියක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පන්නල පොලිසිය පවසයි.
මාකඳුර, ගෝනවිල, පන්නල යන ලිපිනයේ පදිංචිව සිටි 40 හැවිරිදි ශ්‍රී ලංකා යුදහමුදා රත්මලාන තූර්ය වාදක කණ්ඩයට අනුයුක්තව සේවය කළ සාජන් මේජර්වරයෙකු වන කරුණාතිලක වාසල මුදියන්සේලාගේ ජනක නිශාන්ත නමැති අය මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් ලූණුවිල, බටහිර, කිරිමැටියාන ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
1311 Views
Comments