උත්සවයකට යන්න ඉල්ලාගත් රන්මාලය උකස්කර ණයක් පියවා හොරු කැඩුවයි කියා පොලිසි ගිහින්

කිසියම් පුද්ගලයෙකු විසින් තම ගෙලෙහි බැඳි රන් මාලය මහ මඟදී කඩා ගත් බවට ව්‍යාජ තොරතුරු පොලිසියට ලබාදුන් කාන්තාවකට එරෙහිව නඩු පැවරීමට බෝගහකුඹුර පොලිසිය කටයුතු කර තිබේ.
මෙලෙස ව්‍යාජ පැමිණිල්ල කර තිබෙන්නේ වැලිමඩ, දඹවින්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
එම කාන්තාව බොරලන්ද ආවාස පාරේ ගමන් කරමින් සිටි අවස්ථාවේ කිසියම් පුද්ගලයෙක් තමාගේ ගෙල බැදි රන් මාලය කඩා ගෙන ගිය බවට පොලිසියට පවසා තිබෙන අතර මෙම සිද්ධිය සිදුව තිබෙන්නේ එදින පෙරවරු 9.30ට බවට අදාල කාන්තාව පොලිසියට පවසා තිබුණත් පොලිසියට පැමිණ පැමිණිල්ල ඉදිරිපත් කරන විට සවස 5.30 පමණ වී තිබීම හේතුවෙන මේ සම්බන්ධව පොලිසියට සැක සිතී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ආරම්භ කළ අතර පසුව පොලිසිය විසින් මෙම කාන්තාව ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
එම කාන්තාව වෙනත් කාන්තාවකගෙන් උත්සවයකට සහභාගී විම සඳහා රන් මාලයක් ඉල්ලා ගෙන එම මාලය කිසියම් පුද්ගලයෙකු විසින් සොරා ගෙන ගිය බවට බොරු පැමිණිල්ලක් කර අදාල රන් මාලය උකස් කර වෙනත් අයෙකුගෙන් ලබාගත් රුපියල් 60,000ක ණයක් පියවීමට කටයුතු කර ඇති බව පොලිස් පරික්‍ෂණ වලදී අනාවරණය වී ඇත.
ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එරෙහිව මෙම කාන්තාවට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කිරීමට පියවර ගෙන ඇති අතර අදාල කාන්තාව වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
861 Views
Comments