JAN
12
රන්ජන්ට බන්ධනාගාරයේ ඇතුළෙ ඉඳන් සූම් එකෙන් කතා කරන්න චාන්ස් එකක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටියදී උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ලබාදී තිබේ.
ඒ අනුව හිටපු මන්ත්‍රීවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මෙම අවසරය ලබා දී ඇත.
නාවල විවෘත විශ්වවිද්‍යාලය මඟින් පිරිනමනු ලබන කළමනාකරණ, නායකත්වය, තරුණ හා ප්‍රජා සංවර්ධන වැඩසටහනට සහභාගීවීමට ඔහුට අවසර හිමිව ඇත.
හිටපු මන්ත්‍රීවරයාට “සූම්” තාක්ෂණය හරහා දේශනවලට සම්බන්ධවීමට අවසර ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
689 Views
Comments