“විදුලිය කපන්නේ නෑ... ඕව ජෙප්පන්ගෙ කතා” - විදුලිබල ඇමති

දෛනික විදුලි කප්පාදුවක් ගැන් මාධ්‍ය වාර්තා කර තිබුණත් එවැන්නක් සිදුකෙරෙන බවට වූ කිසිදු ප්‍රකාශයක් විදුලිබල අමාත්‍යාංශය විසින් සිදුකර නැති බවත්, විදුලිය සැපයීම සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු ගැටලුවක් ඇති වී නොමැති බවත් විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
හෙතෙම පැවසුවේ ජනතාව බිය ගැන්වීමට ජනතා විමුක්ති පෙරමුණෙහි වෘත්තීය සමිතිවලට අවශ්‍යව ඇති සේම විවිධ රාජ්‍ය නොවන ආයතන මගින් මුදල් ලබා ආණ්ඩුව අසීරුතාවට පත් කිරීමටද ඇතැම් පාර්ශ්වයන් කටයුතු කරන බවයි.
කෙසේවුවත් හදිසි අවශ්‍යතාවක් උද්ගත වුවහොත් කටයුතු කිරීම සඳහා පමණක් විදුලිබල මණ්ඩලය සුදානම් වන බව පැවසූ අමාත්‍යවරයා, විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම්, ඒ පිළිබඳ විධිමත් පෙර දැනුම්දීමක් ජනතාවට සිදුකරන බවත් පැවසීය.
මේ අතර කෝවිඩ් තත්ත්වය තුළ ගාස්තු අය කිරීමේ සහන ලබාදීම ඇතුළු කරුණු හේතුවෙන් මේ වනතෙක් නොලද විදුලිබල මණ්ඩලයට ලැබිය යුතුව ඇති මුදල රුපියල් බිලියන 44ක් පමණ වන බවද අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.
673 Views
Comments