මාවනැල්ලේ බුදු පිළිම කැඩූ ජමාතේ සභාපතිත් මුදාහරී

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සහ මාවනැල්ල බුද්ධ ප්‍රතිමා කැඩීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටි ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති නීතිපති උපදෙස් මත ඇප පිට නිදහස් කර තිබෙනවා.
ඔහුව මෙලෙස ඇප මත මුදා හරින්නෙ ඔහු 2014 වර්ෂයේ තුර්කිය සහ සිරියාවේ දී ත්රස්තවාදී සංවිධානයකට සම්බන්ධ වී පුහුණුව ලබා මෙරටට පැමිණ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ශිෂ්‍ය කණ්ඩායම් වලට පුහුණුව ලබා දුන් බවට තොරතුරු අනාවරණය වී ඇති පසුබිමක ය.
සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් කෝටි 3ක ශරීර ඇපයක් මත මුදා හැරීමට පියවර ගෙන තිබූ අතර ඔහුට විදෙස් ගමන් තහනමක් ද සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය පෙනී සිටින ලෙසද නියෝගයක්ද නිකුත් කෙරුණා.
776 Views
Comments