JAN
26
බිත්තර මිල පහළට

පසුගිය කාලයේ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබූ බිත්තර සහ කුකුළු මස් මිල මේ වනවිට පහත බැස ඇති බව වාර්තා වනවා.
ඒ අනුව රුපියල් 28,27කට පැවැති බිත්තරයක මිල නැවතත් රු. 21 දක්වා පහත බැස ඇති බවයි පශුසම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි සහ බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසුවේ.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
700 Views
Comments